හදවත ගැහෙන්නෙකුගේ නිහඬ සිතිවිලි...

Tuesday, May 1, 2018

උණුහුම...

නිමිත්ත : "හිරු අතින් මුකුලිත වූ මල් කැකුළිය සඳු අතගෙන ගෝල් ෆේස් පිටියේ " - පුවතක්

පාද රැඳුණු කිංකිණි කිසිවක් නොකියම උන්නා
ඈත බලන් හැඬුව දෑසෙ දිස්නය රැවු දුන්නා
රෝස පාට මල් පෙති මත තොල් පෙති රස රැඳුනා
පාට පාට ෆැන්ටසියක මත්වුණු හිත ඇදුනා

මාල හතක් පැළඳ යන්න වර නොලැබෙන හින්දා
පාට අහසෙ මුතුඇට පොට ඈ අත්ලෙහි රන්දා
ගාට ගාට ඇවිදින් හැඟුමක් තනිකම බින්දා
පාන නිවුණු කල සේලය පොලවේ සුව වින්දා

ජීවිතයට එළියක් පතමින් ලතැවුනු හින්දා
මුකුලිත දිවියට යලි හිරු වග නොකියන හින්දා
හැඟීම් ඈ හදවත පරයා ගියාද මන්දා
දිවා හිරුගෙ ලද උණුහුම සඳුගෙන් රෑ වින්දා

1 comment:

  1. අපූරු කවියක්.. තව මොනව කියන්නද මේකට... 😶😶

    ReplyDelete

Powered by Blogger.
click me to reveal the contact form

Get in touch with us:

Name

Email *

Message *

We're currently under construction!

We`re working hard and believe we`ll launch the website in: