ජීවිතේ අමුතුම විදියකට ගලාගෙන යනවා.ස්කූටියට නැගල හැන්දෑවෙ ගෙදරින් පිටත් උනාම නවතින්නෙ ගාලු කොටුවෙ.Taphouse by RNR පේන තෙක් මානෙ බංකුවක ඉඳගෙන, ඒකෙන් ඇහෙන හීනි සංගීතෙට නැලවි නැලවි, මූදු හුළඟට හාදු දිදී, හිත කොහේදෝ දුර ඈතක ගිහින්.
ඈතකට දුවපු හිත, ආයෙමත් වත්තන් කරගෙන ස්කූටියට නැග්ග මගේ ඊළග නැවතුම උනේ Keells Super බේකරිය.
රෑ අට වෙද්දි සියට පනහක් අඩුවට ලැබෙන සීනි සම්බෝල බනිස් ගෙඩියක් එක්ක, නෙස්කැෆේ කෝප්පයක් උණු උණුවෙම තොලට ලංකරගෙන නිවිහැනහිල්ලෙ ජීවිතේ රහ තනියෙන්ම වින්දා.
"දුක හාදු දෙන රැයේ,
හිත පතුලටම වෙලා...
යෞවනේ අගට විය විරහී,
හද ගිලන් වෙලා..."
හිත පතුලටම වෙලා...
යෞවනේ අගට විය විරහී,
හද ගිලන් වෙලා..."
පපුව පිච්චෙනව වගේ දැණුනෙ බීපු නෙස්කැෆේ උගුරෙ රස්නෙටද, කපුගේගෙ ඒ සිංදුවටද කියල මම තාමත් කල්පනා කරනවා...