"කාලය" මනුස්සයෙක්ට කොයි තරම් වටිනවද?
ඔෆිස් එකට යන්න එක තත්පරයක් පරක්කු උනාම රතු ඉර ගහන රටක ජීවත්වෙන අපිට, කාලය කියන්නෙ මොනතරම් වටින සම්පතක්ද කියලා පෙන්නන්න අමුතුවෙන් උදාහරණ මොකටද...
කතන්දරේ පටන්ගන්න කලින් මම පුංචි ප්‍රශ්ණයක් අහන්නද?
In Time කියන චිත්‍රපටිය බලලා තියෙනවද?
හරි! බලපු අයට ආයෙ මතක්වෙන්නයි, නොබලපු අයට දැනගන්නයි, මට මතක විදියට කෙටියෙන් චිත්‍රපටිය ගැන කියන්නම්කො.
මේ කතාවෙ හැටියට පොඩි ළමයෙක්ගෙ ඉඳලා, හැම කෙනෙක්ගෙම අතේ කාලයක් සටහන් වෙලා තියෙනවා.ඒ ඒ කෙනා ජීවත්වෙන කාලය තමයි ඒ.හොඳම වගේම දරුණුම දේ (මට හිතෙන විදියට) මිනිස්සුන්ට අවශ්‍යතා වලට ගෙවන්න වෙන්නෙත් මේ අතේ සටහන් වෙන කාලයෙන්ම තමයි.
උදාහරණයක් විදියට, කාර් එකක් ගන්න ඕනෙනම්... ඒකට ගෙවන්න ඕනෙ මුදල්වලින් නෙමෙයි, කාලයෙන්.එහෙම ගෙවන්න ගෙවන්න තමන්ගෙ කාලය අඩු වෙනවා.හැබැයි කෙනෙක්ට පුළුවන් තව කෙනෙක්ගෙන් කාලය හුවමාරු කරගන්න.ඒත් ඉතින් කවුද කැමති එහෙම කරගන්න, තමන්ට කිසිම වාසියක් නැතුව.
ලංකාවෙත් මෙහෙම උනා නම් හොඳයි කියල නිකමටවත් හිතෙන්නෙ නැද්ද? 😏
මගේ එක විනාඩියක වටිනාකම දන්නෙ මම විතරයි.අපි කාගෙත් එහෙම තමයි, ඒත් කවුරුවත් එහෙම හිතන්නෙ නැති එකයි ප්‍රශ්ණෙ.සමහර කන්තෝරු වලට ගිහින් වැඩක් කරගන්න පැය ගානක් පෝලිම් වල ඉන්න වෙන වෙලාවල් තියෙනවා.සමහර වෙලාවට බැලුවම අදාල කෙනා එතන නැති නිසා එහෙම වෙනවා.මෑතකදි එක්තරා කාර්යාලෙකට ගිහින් ලේඛන පිටපතක් ගන්න ගියපු වෙලාවක්! එක මිස් කෙනෙක්ගෙ උපන්දිනේකට කාර්යාලෙ පුරා කිරිටොෆි බෙදනවා.පෝළිමේ මිනිස්සු හැම දෙනෙක්ටම ඉන්න උනා, කාර්යාලෙ හැමෝම කිරිටොෆි කාල, තේත් බීලා ඉවර වෙනකන්.
එතන වීදුරුවක ගහලා තිබුණු මේ කියමන දැකල හිනා ගියාට, මම ඒ හිනාවුනේ මමත් අයත්වෙන අපේ සාමාන්‍ය ජනතාවටම නේද කියලත් හිතුණා!