හදවත ගැහෙන්නෙකුගේ නිහඬ සිතිවිලි...

Friday, August 25, 2017

REJECT වුණු කවිය...


ඉඩක් නැති නුඹෙ 
හිත් වෙරළ උඩ 
හැල්මෙ දුවනා 
කකුළුවෙක් මම.. 

හමන රැළි මත 
මිහිර සොයනා 
ඔහේ පාවෙන 
පරඬැලක් මම..

ඇදෙන රළකින්
ගොඩට දැමු 
මදකුදුත් නොවටින
බෙලි කටුව මම.. 

හිඳිනු බැරි තැන
ඉවසලා මුදු
රැල්ල මැකු
පෙම් මිහිරි කව මම..

- ලක්ෂාන්
Powered by Blogger.
click me to reveal the contact form

Get in touch with us:

Name

Email *

Message *

We're currently under construction!

We`re working hard and believe we`ll launch the website in: